බුද්ධ ප්‍රථිමා නිර්මාණය කිරීමේදී මූර්ති ශිල්පියා මත පැවරෙන්නේ ලොකු වගකේමක්. ඒ තුලින් බුදු රජානන් වහන්සේහගේ අනුපමේය ගුණ සමුදාය විදහා දැක්වෙන විදිහට තමාගේ නිර්මාණය කිරීමට ඔහු විවිධ මාධ්‍ය උදවු කර ගන්නවා. මේ අතර පාෂාණ , මැටි, හුණු සහ ගඩොල්, ලෝහ, මැණික්, වීදුරු, කිරිගරුඬ , ප්ලාස්ටර් ඔෆ් පැරිස් , ෆයිබර් ග්ලාස් ප්‍රධානෙ තැනක් ගන්නවා.
ඊලඟට බුද්ධ ප්‍රථිමා ඉරියවු සතරකින් නිර්මණය වෙලා තියෙනවා.
1. හිඳි පිළිම
2. හිටි පිළිම
3. සැතපෙන පිළිම
4. සක්මන් බුදු පිළිම


මෙයින් හිඳි පිළිම වීරාසන ක්‍රමය හා පද්මාසන ක්‍රමය යන ක්‍රම දෙකෙන් එකකට අනුව නිර්මාණය කෙරෙනවා.විරාසන ක්‍රමයට අනුව දණහිසින් නවාගත් වම් සිරි පතුල මත එසේම නවාගත් දකුණු සිරි පතුල තැන්පත් කරගෙන සිටීන ලෙසත් පද්මාසන ක්‍රමයට අනුව දෙදණින් නවාගත් සිරි පතුල්වල යටි පතුල් දෙකම උඩු අතට තැන්පත් කරගෙන සිටින ලෙසත් පිළිම නිර්මාණය කෙරෙනවා.
හිඳි පිළිම, හිටි පිළිම සහ සැතපෙන පිළිම පහසුවෙන් අනුරාධපුරය, පොලොන්නරුව සිද්ධස්ථාන වලින් දැකගත හැකි උවත්, සක්මන් බුදු පිළිම ඉතාමත් විරල ඉරියවුවකි.